සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් ගම්පොළදී දෙදරු මවක් මරු දකී

ස්වාමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දුන් පුවතක් ගම්පොළ මරියවත්ත ප්‍රදේශයෙන් වාර්තා වන අතර මෙලෙස පහර කෑමට පක්ව ඇත්තේ ගම්පොළ කොස්ගොල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි දෙදරු මවක් වේ.
සිය දරුවන් දෙදෙනා අද අලුයම පාසල වෙත රැගෙන යමින් සිටි අවස්ථාවේදී ඇය මෙම අනතුරට මුහුණ පා තිබෙන අතර මොවුන් දෙදෙනා අතර පවතින ආරවුලක් අධිකරණය දක්වා යෑම හා එහිදී බිරිඳට වන්දි ලබා දීමට සිදුවීමේ සිද්ධියක් මුල් කර ගෙන මෙම පිහි ඇනුම සිදුවී ඇති බවත් සඳහන් වන අතර සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවත් ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් වාර්තා වේ.
335 Views
Comments