2022 මහ බැංකු වාර්තාව ජනපති වෙත පිළිගැන්වේ

2022 වසරට අදාල ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුදල් අමාත්‍යාංශයේදී පිළිගන්වා ඇත.
ප්‍රධාන කොටස් 4 කින් සමන්විත එම ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව වසරේ ආර්ථික කටයුතුවල තත්ත්වය පැහැදිලි කරන පරිච්ඡේද 8 කින් සහ සංඛ්‍යා පරිශිෂ්ඨ 30 කින් ද එහි දෙවන කොටස ලෙස විවිධ වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වලට අදාල ගැසට් හා චක්‍රලේඛ එකතුවකින් සමන්විත වේ.
වාර්තාවේ තෙවන කොටසේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරයන් සහ සිව්වැනි කොටසේ රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාල බැංකු පද්ධතිය හා සම්බන්ධ නීති සහ අණපනත් ලේඛනයක් අන්තර්ගත වී ඇත.
මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ මහින්ද සිරිවර්ධන, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර, අතිරේක ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය යන මහත්වරුන් එක් වූ බව වාර්තා වේ.
290 Views
Comments