හෙට මීගමුවේ මාලිමා විරෝධතාවට එරෙහි පෙත්සම අධිකරණයෙන් ඉවත දමයි

මීගමුව , සෙල්ලන්දූව මංසන්ධියේ පැවැත්වීමට සැලසුම්කර ඇති විරෝධතා පෙළපාළියක් වළක්වාලීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය කළ ඉල්ලීමක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. ජාතික ජන බලවේගය විසින් හෙට පස්වරුවේ එම විරෝධතා පෙළපාලිය සංවිධානය කර ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරුක් මත එම ඉල්ලීම සිදුකළ බව පොලිසිය සඳහන් කරන අතර අදාල විරෝධතාව සඳහා පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක් සිදුකර අවසර ගැනීමක් සිදුකර නොමැති බව පොලිසිය අධිකරණයට පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ඉදිරිපත් වී ඇති කරුණු ප්‍රමාණවත් නොමැති බවයි.
287 Views
Comments