ශ්‍රී ලංකාවේ ණය ගැටළුව විසඳන්න ජපානයෙන් විශේෂ සහයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

ශ්‍රී ලංකාවේ ණය ගැටළුව විසඳන්න ජපානයෙන් විශේෂ සහයක්

ශ්‍රී ලංකාවේ ණය ගැටළුව විසඳන්න ජපානයෙන් විශේෂ සහයක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබෙන බව වාර්තා වේ.

 

මෙම ගිවිසුම නැගී එන ආර්ථිකය වෙනුවෙන් එළඹ ඇති අතර "Awaji lsland හි Wave Riding Festival" රඟහලේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන් වේ.

 

මෙම ගිවිසුමට අනුව රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බඳවා ගැනීම සඳහා පැසෝනා සමූහය සිය සහය ලබා දෙනු ලබන අතර, ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දීමට ද කටයුතු කරන බව සඳහන් වේ.
 

views

279 Views

Comments

arrow-up