ආනයන සීමා ලිහිල් කරන විදිහ ගැන ශාන්ත බණ්ඩාරගෙන් උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ආනයන සීමා ලිහිල් කරන විදිහ ගැන ශාන්ත බණ්ඩාරගෙන් උපදෙස්

ආනයන සීමා ලිහිල් කරන විදිහ ගැන ශාන්ත බණ්ඩාරගෙන් උපදෙස්

ආනයන සීමා ලිහිල් කිරීම ඉතා වගකීමෙන් සහ ක්‍රමාණුකූලව සිදුකිරීමට මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය වගබලාගත යුතු බවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කියා සිටී.

 

ආනයන සීමා ලිහිල් කිරීමේදී නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදියට මිස වෙසක් කූඩු, සරුංගල් ආදියට අවසර නොදිය යුතු බව ද කියා සිටින රාජ්‍ය අමාත්‍යවරයා, එසේ අත්තනෝමතික ලෙස ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමට අවසර ලබා දුනහොත් රට පෙර පැවතියාටත් වඩා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි කියා සිටී.

 

නාරම්මල ප්‍රදෙශයේ පැවති ජන හමුවක් අමතමින් මෙම අදහස් පළ කළ අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කොට සිටියේ මේ වන විට ආර්ථික අර්බුදය යහපත් අතට පත්වෙමින් තිබුණත් සුළු හෝ වරදකින් එය අළු යට ගිනි පුපුරු මෙන් යළි මතුවිය හැකි බවයි.
 

views

234 Views

Comments

arrow-up