මිදිගම හෝටල් හිමියාට වෙඩිතැබූ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය හසු වෙයි

වැලිගම, මිදිගම ප්‍රදේශයේ දී ඊයේ (29) පස්වරුවේ හෝටල් හිමිකරුවෙකුට වෙඩිතබා සැකකරුවන් පලා ගිය වෑන් රථය අහංගම පොලිස් වසමේ පණුගල්ගොඩ ක්‍රීඩාංගනයේ දමා ගොස් තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.
එම වෑන් රථය මාතර, පාලටුව ප්‍රදේශයේ කුලී රථ සේවා මධ්‍යස්ථානයක් වෙතින් යම් පුද්ගලයෙකු විසින් 14 වැනි දා කුලී පදනම මත ලබාගෙන ඇති බව සඳහන් වේ.
මෙම වෑන් රථය කුලියට ගත් පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ මිදිගම පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන කීපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා කොක්මාදුව කඳවුරේ නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.
180 Views
Comments