රාජකීයයන්ගේ පැල සිටුවීමේ ව්‍යාපාරයේදී සාගල කියූ දේ

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවධානය යොමු නොකළහොත් තිරසර ආර්ථික සංවර්ධන අරමුණු ඉටු කර ගත නොහැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා සිටී.
අද (24) දිනට යෙදී තිබෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති CEO Youth vision 2048 සමාජය හා කොළඹ රාජකීය විද්‍යාලයීය CEO සමාජය එක්ව සංවිධානය කළ පැල දහදාහක් සිටුවීමේ වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
258 Views
Comments