ඩී. ආර්. විජේවර්ධන ජන්ම දින සැමරුම ලබන සතියේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

ඩී. ආර්. විජේවර්ධන ජන්ම දින සැමරුම ලබන සතියේ

ඩී. ආර්. විජේවර්ධන ජන්ම දින සැමරුම ලබන සතියේ

ලේක්හවුස් ආදී කර්තෘ ඩී.ආර් විජයවර්ධන මැතිතුමාගේ 137 වැනි ජන්ම දින සංවත්සරය පෙබරවාරි 22 හා 23 දෙදින පුරා අතිඋත්කර්ෂවත් අයුරින් ලේක්හවුස් මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

 

තුඩුගලගේ දොන් රිචඩ් විජේවර්ධන හෙවත් ඩී.ආර් විජයවර්ධන මහතා 1886 පෙබරවාරි මස 23 වන දා සේදවත්තේ වලව්වේ දී උපත ලැබූ අතර, ඔහු කළුතර තුඩුගල ග්‍රාමයේ විසූ සොලී රජ පෙළපතින් පැවතෙන්නෙකු බව සඳහන් වේ.

 

තුඩුගල තෙන්නකෝන් පරපුර යනු ලංකාවේ දැනට ඉතිරි රජ පවුල් අතුරින් ලේඛනගත ඉතිහාසයක් පවතින එකම පරපුරයි.

 

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවට ඉමහත් මෙහෙවරක් සිදුකළ සහ ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයේ මුල්පෙල ගෙන කටයුතු කල පුද්ගලයෙකු වන ඩී. ආර්. විජේවර්ධන මහතා 1950 ජූනි මස 13 වැනිදා අභාවප්‍රාප්ත විය.

 

views

262 Views

Comments

arrow-up