මිතුරාගේ රන් බඩු සොරාගෙන සාද දැමූ අයෙක් මොරටුමුල්ල පොලිසියෙන් සොයයි

අසල්වැසි මිතුරෙකුගේ නිවසට පැමිණ ලක්ෂ පහමාරක පමණ වටිනා රත්‍රං අත් පළඳනාවක් සොරකම් කර එය උකස් කර එම මුදලින් ජංගම දුරකථනයක් මිලට ගෙන සුරතල් බල්ලා වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත්වූ පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වී ඇතැයි මොරටුමුල්ල පොලිසිය පවසා සිටී.
මෙම සැකකරු අසල්වැසි මිතුරාගේ නිවසට නිතර යන එන පුද්ගලයෙකි. ඔහු පිළිබඳ නිවැසියන්ගේ කිසිදු අවිශ්වාසයක් නොතිබූ අතර පසුගිය සතියේ නිවසේ තිබූ රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන් වීම පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබේ. මෙසේ රන් භාණ්ඩ නැතිවී දින කීපයකට පසු නිවසට ආ ගිය තම මිතුරා වටිනා ජංගම දුරකථනයක් මිලදී ගෙන, ඔහුගේ සුරතල් බල්ලා වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත්වීම ගැන සැක සිතී ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කර ඇත.
පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. උකස් භාණ්ඩ අලෙවිසලක රිසිට්පතක් ඔහුගේ නිවසේ තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර භාණ්ඩ සොරකම් කළ පුද්ගලයාගේ පියාව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සොයා පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතර ඔහුගේ පියා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
239 Views
Comments