මරණ තර්ජන එල්ල කර පෙම්වතියට අතවර කළ නරුමයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

මරණ තර්ජන එල්ල කර පෙම්වතියට අතවර කළ නරුමයා

මරණ තර්ජන එල්ල කර පෙම්වතියට අතවර කළ නරුමයා

මිරිස්ස ප්‍රදේශයේ සිට තරුණියක් අහංගම ප්‍රදේශයේ හෝටලයකට කැඳවා ඇයට මරණ තර්ජනය කර   අතවර   කල බවට පැමිණිල්ලක් ලැබි ඇති බව අහංගම පොලිසිය පවසා සිටී.

 

මෙම සැකකරු  මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැකියාව කරන අතර  එම හෝටලයේම රැකියාව කළ 20 හැවිරිදි තරුණියක් සමග  ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත.  පසුව මෙම  සැකකරු විවාහකයකු බව දැනගැනීමෙන් පසු ඇය විසින් ප්‍රේම සම්බන්ධය නතර කර ඇති අතර ඉකුත් 28 දින සම්බන්ධයෙන් කතා කර ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා ඇත.

 

එම අවස්ථාවේ  ඇය ත්‍රීරෝද රථයක නංවාගෙන අහංගම, කතලුව ප්‍රදේශයේ හෝටලයකට රැගෙනැවිත් මරණ  තර්ජනය කර අතවර කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

views

247 Views

Comments

arrow-up