ශෂී වීරවංශගේ අසනීපය නිසා නඩුව 28 දින තෙක් කල් යයි

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශෂී වීරවංශ මහත්මියට එරෙහිව නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ තම සේවාදායිකාව අසනීප තත්ත්වයේ පසුවන බවයි. ඇයට දින තුනක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බවත් එම නීතිඥවරුන් විසින් වෛද්‍ය සහතිකයක් අද අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම්දුන් බව වාර්තාවේ.
ඒ අනුව නඩු විභාගය ලබන 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.
අද දින නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු ආගමන හා විගමන පාලකවරයා සහ හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි බව සඳහන් වේ.
235 Views
Comments