FEB
17
විපතට පත් තුර්කියට ශ්‍රී ලංකාවෙන් පරිත්‍යාග කළ තේ තොගය භාර දෙයි

තුර්කියේ විපතට පත් වැසියන්ට ඊයේ (16) ශ්‍රී ලංකා රජය විසින් පරිත්‍යාග කළ ලංකා තේ කිලෝග්‍රෑම් 1500 ක තේ තොගය තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය විසින් තුර්කියේ ආපදා කළමනාකරණ කාර්යාංශයේ නියෝජිත කප්ලාන් මහතාට අදානා ගුවන් තොටුපළේදී භාර දී ඇත.
මේ අවස්ථාවට තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත ඔස්කාන් මහතා සහ මධ්‍යධරණී කලාපයේ ශ්‍රී ලංකාව සඳහා කොන්සල්වරයා වන බෙසීර් උගුර් යන මහත්වරුන්ද එක් වූහ.
194 Views
Comments