මත්පෙති හා ගංජා ගැසූ අයෙක් මොළේ මැරී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

මත්පෙති හා ගංජා ගැසූ අයෙක් මොළේ මැරී මිය යයි

මත්පෙති හා ගංජා ගැසූ අයෙක් මොළේ මැරී මිය යයි

හම්බන්තොට දිස්ත්‍රික් රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ දින එකොළහක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි හතළිස් තුන් හැවිරිදි දෙදරු පියෙකු ඊයේ (16) දින මිය ගොස් ඇතැයි හම්බන්තොට රෝහල් පොලිසිය පැවසීය. 

 

මිය ගොස් ඇත්තේ තිස්සමහරාම, මුතියම්මාගම ප්‍රදේශයේ පුද්ගලයෙකි. ගංජා සුරුට්ටුවලට හා මත් පෙතිවලට අබ්බැහිව සිටි මෙම මියගිය පුද්ගලයා මත්පෙති දහයක් පානය කිරීමෙන් පසු ඉන් සෑහීමකට පත් නොවූ හෙයින් කේරළ ගංජා සුරුට්ටුවක්ද පානය කර තිබේ.

 

සිහිසුන්ව ඇද වැටී සිටියදී පවුලේ ඥාතින් විසින් ඔහුව තිස්සමහරාම රෝහලට පසුගිය 04 වන දින ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ බැවින් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා තිබේ.

 

හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින 11 ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම පුද්ගලයා මෙසේ මිය ගොස් ඇති අතර ඔහු රෝහලට ඇතුළත් කරන විටත් ඔහුගේ මොළය මියගොස් තිබූ බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් විසින් සඳහන් කරන ලදී.
 

views

295 Views

Comments

arrow-up