විදුලි ගාස්තු වැඩි වීමට එරෙහි පෙත්සම ගැන අද තීන්දුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

විදුලි ගාස්තු වැඩි වීමට එරෙහි පෙත්සම ගැන අද තීන්දුවක්

විදුලි ගාස්තු වැඩි වීමට එරෙහි පෙත්සම ගැන අද තීන්දුවක්

අමාත්‍ය මණ්ඩලය ඉල්ලා ඇති පෙත්සම විභාගයට ගැනිමට අවසර ලබා දෙනවාද නැද්ද යන තීරණය අද (17) අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත.  

 

කෙසේ නමුත් පසුගියදා මෙම පෙත්සම් විභාගය පැවති අවස්ථාවේ දී විදුලිබල අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ, විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විෂය භාර අමාත්‍යවරයා සහ ඇමති මණ්ඩලයට බලය ඇති බවයි.
 

views

200 Views

Comments

arrow-up