දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් අක්මීමන තරුණයෙක් එතැනම මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් අක්මීමන තරුණයෙක් එතැනම මිය යයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් අක්මීමන තරුණයෙක් එතැනම මිය යයි

ගාල්ල අක්මීමන පදිංචිව සිටී මධුෂාන් ද සිල්වා නැමැති 23 හැවිරිදි තරුණයෙක් ඊයේ රාත්‍රියේ මෝටර් රථයකින් රුසියානු කාන්තාවක් කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන යමින් සිටියදී, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයේ දී නවතා තිබුණු ලොරියක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

 

හොරණ පුද්ගලික ආයතනයක සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට යමින් තිබූ ලොරියක් කාර්මික දෝෂයක් හේතුවෙන් කහතුඩුව කොට්ටාව අතර ප්‍රදේශයේ නවතා තිබියදී පිටුපසින් පැමිණි මෝටර් රථය එහි ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

 

අනතුරින් මෝටර් රථයට ද දැඩි හානි සිදුවී ඇති අතර තුවාල ලැබූ රුසියානු ජාතික කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

views

212 Views

Comments

arrow-up