කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් දැන් කැඳවේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් දැන් කැඳවේ

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් දැන් කැඳවේ

මේ වසරේ පැවැත්වීමට නියමිත හත් වන කොරියානු භාෂා පරික්ෂණය සඳහා තරුණ තරුණියන් 85000 කට වැඩි පිරිසක් අයදුම් කර තිබේ.

 

කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් ව ඇති අවස්ථාව මෙය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 

මෙම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ අනුව 13000 කට අධික තරුණ තරුණියන් පිරිසක් විභාග ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත්ව ඇති බව සඳහන් වේ.

 

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා විභාගය මාර්තු 13 වන දිනයේත්, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා සැප්තැම්බර් 01 දිනයේත් පැවැත්වීමට නියමිත අතර විභාගය සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk මගින් ලබාගත හැකිය.

 

විභාගය පන්නිපිටිය කොරියානු විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

views

241 Views

Comments

arrow-up