රාජ්‍ය මුද්‍රණාලයට අමතර ආරක්ෂාවක් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

රාජ්‍ය මුද්‍රණාලයට අමතර ආරක්ෂාවක් ඉල්ලයි

රාජ්‍ය මුද්‍රණාලයට අමතර ආරක්ෂාවක් ඉල්ලයි

මැතිවරණ කොමිසම පවසන්නේ, රාජ්‍ය මුද්‍රණාලයට අතිරේක ආරක්ෂාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව යි. ඊයේ (16) පස්වරුවේ ඊට අදාළ ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කළ බව එහි සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

 

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පෙරේදා පැවසුවේ, ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොලැබීම නිසා පළාත් පාලන ඡන්දයට අදාල මුද්‍රණ කටයුතු අඩාල වී ඇති බවයි. ඊයේ රාත්‍රි මුද්‍රණාලයාධිපතිනිය ප්‍රකාශ කළේ, ඒ වනතුරු ද මුද්‍රණාලයට අමතර පොලිස් ආරක්ෂාවක් ලබා දී නොමැති බවයි. 

views

195 Views

Comments

arrow-up