මැතිවරණය පැවැත්වීම ස්ථිරයි - මැතිවරණ කොමිසමෙන් ප්‍රතිඥාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

මැතිවරණය පැවැත්වීම ස්ථිරයි - මැතිවරණ කොමිසමෙන් ප්‍රතිඥාවක්

මැතිවරණය පැවැත්වීම ස්ථිරයි - මැතිවරණ කොමිසමෙන් ප්‍රතිඥාවක්

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිමින් මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ගොනුකළ රිට් පෙත්සම් දෙකක්, අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ දී විභාග කරන ලදී.

 

මෙම අවස්ථාවේ දී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අනිවාර්යයෙන්ම පියවර ගන්නා බවට මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා  අධිකරණය ඉදිරියේ ප්‍රතිඥා දී සිටියේය.

 

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු මේ ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහිිමට පත් වන බව අධිකරණය හමුවේ සදහන් කළහ.

 


ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ප්‍රතිඥාව සටහන් කර පෙත්සම් දෙකේ විභාගය අවසන් කළ බව වාර්තා වේ.

views

193 Views

Comments

arrow-up