මාතලේ - රිවස්ටන් මාර්ගයේ අනතුරකින් කතක් මිය යයි

මාතලේ මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ මාතලේ සිට ලග්ගල දෙසට ගමන් කරමින් සිටි මෝටර් රථය, මාතලේ - රිවස්ටන් මාර්ගයේ 29 කණුව ආසන්නයේ දී අඩි 150 ක් පමණ පහල බෑවුමකට පෙරළීයාමෙන් ඊයේ (09) සවස දරුණු අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් කෝස්තාපල්වරයාගේ බිරිඳ ජීවිතක්ෂයට පත් ව ඇති අතර ඇය 34 හැවිරිදි මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
තවද, අනතුරින් තවත් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත්, ඵ් අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ ලග්ගල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ.
234 Views
Comments