රිය අනතුරට පසු කොන්දොස්තරවරයාට පහර දුන් පුද්ගලයා තවම නිදැල්ලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

රිය අනතුරට පසු කොන්දොස්තරවරයාට පහර දුන් පුද්ගලයා තවම නිදැල්ලේ

රිය අනතුරට පසු කොන්දොස්තරවරයාට පහර දුන් පුද්ගලයා තවම නිදැල්ලේ

ආණමඩුව සිට හලාවත දක්වා ගමන් ගත් ශ්‍රී ලංගම ඩිපෝවට අයත් බස් රථයක් පල්ලම ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා ගැටී අනතුරක් සිදුව ඇති අතර, එම අනතුරින් පසුව මෝටර් රථය නොනවත්වා පළා ගොස් තිබේ.

 

වහා ක්‍රියාත්මක වු බස් කොන්දොස්තරවරයා යතුරුපැදියක නැගී මෝටර් රථය පසුපස හඹා ගොස් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී එම රථය නවතා ගෙන ඇත.

 

එම අවස්ථාවේදී කොන්දොස්තරවරයා සහ මෝටර් රථයේ හිමිකරු අතර ඇති වු බහින්බස් වීමක් දුර දිගයාමෙන් මෝටර් රථයේ පැමිණි පුද්ගලයා විසින් කොන්දොස්තරවරයාට පහර දීමක් සිදුකර තිබේ.

 

පහරකෑමට ලක්වු කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා මේ වනවිට හලාවත රෝහලට ඇතුලත් කර ඇති අතර පහරදුන් පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, මේ සම්බන්ධයෙන් පල්ලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවත් ආරංචි මාර්ග වාර්තා කරයි.

views

198 Views

Comments

arrow-up