ගැබිනි මවුවරුන්ට දෙන යකඩ පෙති වල හිඟයක්

ගැබිනි මවුවරුන්ට ලබා දෙන යකඩ පෙති රෝහල් වල නොමැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න චෝදනා කර සිටී.
ගැබිනි මවුවරුන්ගේ හා ළදරුවාගේ වර්ධනයට ඉතා අත්‍යවශ්‍ය මෙම ඖෂධය මේ වන විට සායනවලදී ගැබිනි මවුවරුන්ට ලබා නොදෙන බව ඇය චෝදනා කර සිටී.
මේ වන විට ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට මස්, මාළු, බිත්තර මිල දී ගැනීමට ප්‍රමාණවත් ආදායමක් මවුපියන් අතිබහුතරයකට නොමැති බව පැවැසූ ඇය මෙතෙක් කලක් සායනවලින් ලබා දෙන ඖෂධ යම් පමණකින් ගැබිනි මවුවරුන්ගේ වර්ධනයට සහය වූ බව ප්‍රකාශ කර සිටී.
තවද දරුවන් හා වැඩිහිටියන් විජලනයට පත්වූ විට හා අතීසාරය වැනි අවස්ථාවකදී වෛද්‍යවරුන් නියම කරන ‘ජීවනී’ රෝහල්වලින් හෝ සායනවලින් ලබා නොදෙන බව ද හේමමාලි අබේරත්න ප්‍රකාශ කර සිටී.
230 Views
Comments