රිය අනතුරු අවම කර ගැනීමට පොලිසියෙන් විශේෂ වැඩසටහනක්

බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු මාර්ග අවහිරතා අවම කරගැනීම සදහා රියදුරන් සහ පදිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වී තිබේ.
මෙම වැඩසටහනේදී රියදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය නොමැතිව රිය පැදවීම, වයස අවුරුදු 18 ට අඩු ළමයින් රිය පැදවීම, ආරක්ෂක හිස්වැසුම් නොමැතිව රිය පැදවීම, මාර්ග නීති උල්ලංඝනය, වටරවුම් ආශ්‍රිතව සහ බස් නැවතුම් පොළ සහ සංඥා අසල සිදුකරන වැරදි අධික අනතුරු සහ බස් නැවතුම්පොළ සිදුකරන වැරදි සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.
ලබන 31 වනදා දක්වා පළාතේ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. තවද බස්නාහිර පළාත තුළ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන, ආර්ථික මධ්‍යස්ථාන, සහ වෙනත් ඕනෑම ආයතනයක රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට අවශ්‍ය නම් අදාළ පොලිස් ස්ථානය වෙත ඉල්ලීමක් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටී.
306 Views
Comments