නැගෙනහිර පළාතේ වෛද්‍යවරු 30ක් රට හැර යති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

නැගෙනහිර පළාතේ වෛද්‍යවරු 30ක් රට හැර යති

නැගෙනහිර පළාතේ වෛද්‍යවරු 30ක් රට හැර යති

නැගෙනහිර පළාතේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් තිස් දෙනෙකුට ආසන්න පිරිසක් විදේශගතවීම නිසා රෝගී සත්කාර සේවා අඩපණ වන තත්වයක් උද්ගතව ඇති බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ඩී.ජී. එම්. කොස්තා මහතා පවසා සිටී.

 

ඇතැම් වෛද්‍යවරුන් පුහුණුව සඳහා විදේශගත වන අතර පුහුණුව අවසන් වූ පසු නැවත මෙරටට පැමිණ නැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා තව සදහන් කර සිටී. තවද ඇතැම් වෛද්‍යවරුන් විදේශගත වීම සඳහා අයදුම්පත් භාර දී සේවය අතහැර ගොස් ඇති අතර එසේ ගිය වෛද්‍යවරුන් අතර විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ද සිටින බව අධ්‍යක්ෂවරයා තව දුරටත්  පවසා සිටී.

 

කල්මුණේ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරුන් 15 දෙනෙකු, අම්පාර රෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙකු හා මඩකළපුව රෝහලේ එක් වෛද්‍යවරයෙකු සහ ත්‍රිකුණාමලය රෝහලේ වෛද්‍යවරු තිදෙනෙකු ද  මෙලෙස රටහැර ගොස් ඇති බව වාර්තා වී ඇතැයි නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා සිටී.

 

පුහුණුව සඳහා යන වෛද්‍යවරුන් පුහුණුව අවසන් කර නැවත සේවයට නොපැමිණීම බරපතළ වරදක් බව පෙන්වා දුන් ආණ්ඩුකාරවරිය නිදහස් අධ්‍යාපනය හරහා මහජන බදු මුදල්වලින් අධ්‍යාපනය ලබා වෛද්‍යවරු වී රටට, ජනතාවට සේවයක් නොකර රට හැර යන වෛද්‍යවරුන්ට නැවත මෙරටට පැමිණීමට ඉඩ දිය යුතු නැතැයි ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා තිබේ .

views

213 Views

Comments

arrow-up