විරෝධතාකරුවන් මඩින්න පොලිසියෙන් අසූචි වතුර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

විරෝධතාකරුවන් මඩින්න පොලිසියෙන් අසූචි වතුර

විරෝධතාකරුවන් මඩින්න පොලිසියෙන් අසූචි වතුර

පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය එල්ල කළ ජල ප්‍රහාර අසූචි ජලය බවත්, එල්ල කළ කඳුළු ගෑස් කල් ඉකුත් වූ ඒවා බවටත් චෝදනා කරමින් ජාතික ජනබලවේගයේ නීතිඥවරු කණ්ඩායමක් ඊයේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

 

ප්‍රහාරයෙන් සිහිසුන් වූ ඉංජිනේරුවරයකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ගනේමුල්ල ප්‍රදේශයේ අයෙකු මිය ගිය බවත්, තවත් සැලකිය යුතු පිරිසකට සංකූලතා ඇති වූ බවත්, නීතිඥ සුනිල් වටගල මහතා චෝදනා කරමින් කියා සිටී.

 

මේ අතර මාර්තු 07 සහ 08 යන දිනවලදී කොළඹ විශ්වවිද්‍යාලය අවට පැවති උද්ඝෝෂණ සහ කැලණිය විශ්වවිද්‍යාලය අවට පැවති උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා, උද්ඝෝෂණය පාලනය කිරීමේ කටයුතු සිදු කළ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරින්ගේ නාම ලේඛනයක් එළඹෙන 10 වන දාට පෙර මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

views

246 Views

Comments

arrow-up