උත්තර පත්‍ර ඇගයීම වර්ජනය කරන ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් දෝස්මුරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

උත්තර පත්‍ර ඇගයීම වර්ජනය කරන ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් දෝස්මුරයක්

උත්තර පත්‍ර ඇගයීම වර්ජනය කරන ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් දෝස්මුරයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ, වෘත්තීය වගකීම් නිසි ලෙස ඉටු කරන ගුරුවරුන් මෙන්ම එසේ කටයුතු නොකරන ගුරුවරුන් හේතුවෙන් පාසල් සිසුන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති අතර, උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීමට ඉදිරිපත් නොවීම අයහපත් තත්ත්වයක් වන බවයි.

 

සමාජ වගකීම ඉටු කිරීමට මානුෂීය මුහුණුවරකින් බලා ගුරුවරුන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

 

මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ හතළිස් එකක් පාසල් දරුවන් වෙනුවෙන් කතා කිරීමට අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකු නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

views

288 Views

Comments

arrow-up