රට රැකියා සිහින පෙන්වූ අම්බලන්තොට ජාජබෙ අපේක්ෂකයෙක් දැලේ

රට රැකියා වංචාවකට අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වේ.
තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කිරීම පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැකකරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. එහිදී සැකකරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් මගහරිමින් සිට ඇති අතර ඔහු නීතිඥයෙකු මාර්ගයෙන් එම කාර්යාංශයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
201 Views
Comments