MAR
03
රත්ගම ගල් කොරියකදී වාහන දෙකකට මැදිවීමෙන් අයෙක් මිය යයි

රත්ගම මොන්රෝවියා වත්තේ ගල් කොරියකදී වාහනයකට මැදිව බරලතල තුවාල ලැබු පුද්ගලයෙකු ඊයේ පෙරවරුවේ මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසා සිටී.
මෙම පුද්ගලයා උදෑසන ගල් කොරියට පැමිණ කුඩා කඳු ගැටයක් මත වාහනය නවතා ඉන් බැස ඉදිරියට ගොස් ඇත. එක් වරම ඉදිරියෙන් නවතා තිබු ගල් පටවන ලද ටිපර් රථයක් පසු පසට ඇදි විත් ඔහු එයට මැදිව ඇති අතර පසුව බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය අයගේ මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදී පවත්වා ඇත.
213 Views
Comments