පාතාලේ බුම්මාගේ සගයෙක් මෝදර දී පොලිස් භාරයට

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු ද වන ස්ටැන්ලි ප්‍රනාන්දු නොහොත් බුම්මාගේ සමීපතමයෙක් මත්කුඩු සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ කොළඹ මෝදර ප්‍රදේශයේදීය.
ඊයේ (23) පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව දිලූෂන් කුමාරසිරි නැමැති 24 හැවිරිදි තරුණයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මොහු පසුගිය වසරේ අප්‍රේල් 21 දා කොටහේන ගල්පොත්ත මංසන්ධියේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය තැත් කිරීමේ සිද්ධියේ සැකකරුද වේ.
233 Views
Comments