පාතාලේ චන්තු මිනුවන්ගොඩ දී මරුට

මිනුවන්ගොඩ දී වෙඩි තබා ඝාතනයට ලක්ව ඇති පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට අනාවරණය වී ඇත. ප්‍රියසාද් ප්‍රියංකර ද සිල්වා නොහොත් චන්තු නමැති අයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබේ. මිනුවන්ගොඩ බොරගොඩවත්ත රුවන් මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 10.20 ට පමණ ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබුණි. තොරතුරු අනාවරණය වී තිබෙන්නේ, ඝාතනයට ලක්ව ඇති චන්තු නැමැත්තා ඩුබායි හි සිටින ජාවාරම්කරුවෙකු වන මිනුවන්ගොඩ හීනටියන මහේෂ් නැමැත්තාගේ ගෝලයෙක් බව යි.
චන්තු නැමැත්තා හෙරොයින් සම්බන්ධ නඩුවකින් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙක් වන අතර ඔහුට විරුද්ධව දිවයිනේ ප්‍රදේශ කිහිපයක අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවද වාර්තා වෙයි. මිනුවන්ගොඩ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට මීට පෙර අවස්ථාවක යාමේදී ඔහු සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකුගේ පාදයට තුවාල සිදුව ඇත.
මූලික විමර්ශනවල දී හෙළිවී තිබෙන්නේ, චන්තු නැමැත්තාට ඝාතනයට ලක්වූ ස්ථානයට පැමිණෙන ලෙස ලැබුණු කැඳවීමකට අනුව ඔහු එහි පැමිණ ඇති බවයි.
194 Views
Comments