මත්පෙති බී ගංජා ගැසූ දෙදරු පියාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

මත්පෙති බී ගංජා ගැසූ දෙදරු පියාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වූ හැටි

මත්පෙති බී ගංජා ගැසූ දෙදරු පියාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වූ හැටි

මත් පෙති දහයක් බී කේරළ ගංජා සුරුට්ටුවක්ද ඉරීමෙන් පසු සිහිසුන්ව හම්බන්තොට දිස්ත්‍රික් රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි දින එකොළහක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි හතළිස් තුන් හැවිරිදි දෙදරු පියෙකු මිය ගොස් ඇතැයි හම්බන්තොට රෝහල් පොලිසිය පැවැසීය.

 

මෙසේ මිය ගොස් ඇත්තේ තිස්සමහරාම, මුතියම්මාගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.

 

ගංජා සුරුට්ටුවලට හා මත් පෙතිවලට අබ්බැහිව සිටි මෙම මියගිය පුද්ගලයා මත්පෙති දහයක් පානය කිරීමෙන් පසු ඉන් සෑහීමකට පත් නොවූ හෙයින් කේරළ ගංජා සුරුට්ටුවක්ද පානය තිබේ.

 

එහිදී ඔහු ඇඳමත සිහිසුන්ව ඇද වැටී සිටියදී පවුලේ ඥාතින් විසින් තිස්සමහරාම රෝහලට පසුගිය 04 වන දින ඇතුළත් කර තිබේ.

 

ඔහුගේ තත්වය බරපතළ බැවින් හම්බන්තොට දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා තිබේ.

 

එහිදී හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින 11ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.

 

ඔහු රෝහලට ඇතුළත් කරන විටත් ඔහුගේ මොළය මියගොස් තිබූ බව ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සඳහන් කළේය.

views

214 Views

Comments

arrow-up