ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනේ

ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනේ

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ, ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව යි. ඒ සඳහා ලැබුණු අයදුම්පත් අතුරින් එම පිරිස තෝරා ගන්නා බව ඔහු සඳහන් කළේය.

 

කතානායකවරයා පවසන්නේ, එහි ප්‍රගතිය පිළිබඳ ලබන 22 වැනිදා රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡා කෙරෙන බව යි. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභා ගණන 10 කි.

 

එනම්, ජාතික මැතිවරණ කොමිසම‍, පොලිස් කොමිසම‍, මානව හිමිකම් කොමිසම‍, අධිකරණ සේවා කොමිසම‍, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ජාතික විගණන කොමිසම, මුදල් කොමිසම‍, සීමා නිර්ණය කොමිසම‍ හා ප්‍රසම්පාදන කොමිසම එම කොමිෂන් සභා වේ.

views

217 Views

Comments

arrow-up