කර්මාන්තශාලාවක බඩු ඉස්සූ හතරදෙනෙක් මොරටුවේ එගොඩඋයනේ දී අල්ලයි

2020 වර්ෂයේ සිට වසා දමා තිබූ කර්මාන්තශාලාවක තිබූ ලක්ෂ පහළොවක් පමණ වටිනා භාණ්ඩ සහ යන්ත්‍රෝපකරණ වරින් වර සොරාගත් පුද්ගලයින් සිව් දෙනෙකු එගොඩඋයන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සිව් දෙනා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
වයස අවුරුදු විසි හතරත්, හතළිස් හතත් අතර වයස්වල පසුවන්නන් වන මෙම සැකකරුවන් සිව්දෙනා අතර වරෙන්තුකරුවන් දෙදෙනකු ද සිටින බව වාර්තා වේ.
කර්මාන්තශාලාවේ ලොරි රථවල සියලුම රෝද සැකකරුවන් විසින් ගලවාගෙන ගොස් ඇති අතර, ඊට අමතරව කන්ටේනර් ලොරි රථ රෝද එකොළහක්, ඒවායේ රිම් ඇතුළු භාණ්ඩ තොගයක් මෙලෙස සොරාගෙන ගොස් ඇති බව අනාවරණය කරගෙන තිබේ.
එමෙන්ම, මෙලෙස සොරාගත් භාණ්ඩ ළඟ තබා ගත් පුද්ගලයින් පස් දෙනෙක් ද සිටින බව පොලිසිය සඳහන් කරන අතර සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
206 Views
Comments