හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකුට හදිසි ස්ථාන මාරු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකුට හදිසි ස්ථාන මාරු

හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකුට හදිසි ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (23) සිට හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ නිලධාරීන් තිදෙනෙකු මහනුවර පොලිස් කොට්ඨාශයට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

 

මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ හැටන් පොලිස් කොට්ටාශයේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, එම විමර්ශන ඒකකයේ රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුද්ගලික සහකාරවරයකු වශයෙන් රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයකු ය.

 

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත, එම නිලධාරීන් තුන්දෙනා කොට්ටාශයේ මැණික් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වමින් අනවසර මැණික් ගැරීමක් සිදුකරගෙන යාමට සහයෝගය ලබා දුන්නේ යැයි ලද පැමිණිළි කිහිපයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කිහිපයකින් අනතුරුව මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන් වේ.

 

මීට අමතරව නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ. ඒ. යූ. ජී. ජයසිංහ මහතාගේ නියෝගයක් මත, හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ රාජකාරිය කළ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ද හැටන් පොලිස් කොට්ටාශයේම වෙනත් පොලිස් ස්ථානවලට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ.

views

236 Views

Comments

arrow-up