ගාල්ලේ යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මිය යයි

ගාල්ල කරාපිටිය ප්‍රධාන මාර්ගයේ ගලගෙඩිය ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ මෝටර් රථයක් තාප්පයක ගැටී ඉදිරිපස පැමිණි යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසා සිටී.
කරාපිටිය දෙස සිට ගාල්ල දෙසට විරුද්ධ මංතීරුවේ ගමන් කරමින් තිබියදී අසල තාප්පයක ගැටීමෙන් පසු විරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියේ ගැටී මෙම අනතුර සිදුවී ඇත.
තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට කිරීමෙන් පසු මියගොස් තිබේ.
අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
199 Views
Comments