ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල අර්බුදයක

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල අර්බුදයක

ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටින්නේ වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව පවතින ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හදිසි තත්ත්වයක් සේ සලකා ඒ සඳහා කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී තත්ත්වය බරපතල විය හැකි බවයි.

 

මේ මොහොත වන විට ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය ආදී දේවල් නොමැතිකම හේතුවෙන් මුළු සෞඛ්‍ය පද්ධතියම විශාල අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය  සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහත්මිය සඳහන් කරයි.

 

නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා මහත්මිය පවසන්නේ මෙම පවතින තත්ත්වය සඳහා කඩිනමින් පියවර ගෙන කටයුතු නොකළහොත් ඉදිරි සති කිහිපයක දී විශාල අර්බුදයකට මුහුණදීමට සිදු වන බවයි.


 

views

199 Views

Comments

arrow-up