මිට්සුබිෂී සමාගම ලංකාවෙන් යයි

ලබන මස අග භාගය වන විට ලොව කීර්තිමත් ජපන් සමාගමක් වන මිට්සුබිෂී සමාගම ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරිමට තීරණය කර ඇති බව අද (10) ජාතික පුවත්පත් රැසක් වාර්තා කර තිබේ.
ජපන් රජය මෙරට දියත් කිරීමට සැලසුම් කර තිබු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම, ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම අත්හිටුවීම යනාදී කරුණු කිහිපයක් මුල්කරගනිමින් මිට්සුබිෂී සමාගම මෙම තීරණය ගෙන ඇති බව එම පුවත් වාර්තා සඳහන් කරයි.
තවද ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය පළුදු වී ඇති බවත්, එම මිත්‍රත්වය යළි ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකා පාර්ශ්වයට දැඩි වෙහෙසක් දැරිමට සිදුවන බවත්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය අවධාරණය කර ඇතැයි කරුණු වාර්තා වේ.
248 Views
Comments