විෂ පලිබෝධනාශක ප්‍රවාහනය කළ සැකකරුවෙක් පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

විෂ පලිබෝධනාශක ප්‍රවාහනය කළ සැකකරුවෙක් පොලිස් දැලේ

විෂ පලිබෝධනාශක ප්‍රවාහනය කළ සැකකරුවෙක් පොලිස් දැලේ

විදේශිය නිෂ්පාදනයක් වන මෙරට භාවිතයට නුසුදුසු බවට නිර්දේශ කර ඇති Ammonium Salt of Glyphosale නමින් හඳුන්වන කෘෂි රසායන තොගයක් මෝටර් රථයකින් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි වයස අවුරුදු හතළිහක මොරගොල්ලාගම පදිංචිකරුවෙකු දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම රසායන ද්‍රව්‍ය තොගය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ ලිඛිත අවසරයක් නොමැතිව තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වා ඇති බවට අනාවරණය වී ඇති අතර ඒකල ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශය මගින් මෙම ජාවාරම අනාවරණය කරගෙන සැකකරු සන්තකයේ තිබූ පළිබෝධනාශක පැකට් 2000 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

 

සැකකරුට විරුද්ධව අධිකරණ නියෝග ලබාගෙන අදාල පළිබෝධනාශක සාම්පල  පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමට නියමිත අතර සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

219 Views

Comments

arrow-up