හබරාදුවේ හෝටලයකදී සංචාරකයෙකුගේ ඩොලර් උස්සලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

හබරාදුවේ හෝටලයකදී සංචාරකයෙකුගේ ඩොලර් උස්සලා

හබරාදුවේ  හෝටලයකදී සංචාරකයෙකුගේ ඩොලර් උස්සලා

හබරාදුව, තල්පෙ මිහිරිපැන්න ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නතරව සිටි රුසියානු ජාතිකයෙකුගේ ඩොලර් 900ක් සොරකම් කර ඇති බවට විදේශිකයෙකු ඊයේ (02) පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසා සිටී.

 

මෙම රුසියානු ජාතිකයා ඉකුත් 23 වන දින ලංකාවට පැමිණ මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇති බවත් ඇමරිකන් ඩොලර් 4100ක් කාමරයේ සේප්පුවේ තබා ගාල්ල නගරයට ගොස් ඇති අතර  පසුව නැවත පැමිණ පරික්ෂා කිරිමේදි ඩොලර් 900ක මුදලක් අස්ථානගතව ඇති බව පැමිණිල්ලේ සදහන් කර තිබේ.

 

 

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

views

260 Views

Comments

arrow-up