මෙරට දුගී දරු දැරියන් වෙනුවෙන් ජපන් රජයෙන් ආධාර

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩිලෙස බලපෑමට ලක්වී සිටින දුප්පත් පවුල්වල සහ වැඩි අවදානමක් සහිත පවුල්වල දරුවන් ලක්ෂ 06 කට ආසන්න පිරිසක් සඳහා පිරිසිදු පානිය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය වෙත,ඩොලර් මිලියන 1.8 කට අධික මුදල් ආධාර ලබාදී තිබෙන බව වාර්තා වේ.
පසුගිය වර්ෂයේ ආර්ථික අර්බුදයේ ආරම්භයේ පටන් ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ලබා දුන් මුළු ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක් ඉක්මවා ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබේ.
234 Views
Comments