වාරික නොගෙවු වාහන 1500ක් ලීසිං සමාගම් විසින් උස්සලා

2021 වසරින් පසු වාරික නොගෙවූ වාහන 1500ක් පමණ ලීසිං සමාගම් විසින් අත්පත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටී.
ඇතැම් ලීසිං සමාගම් අත්තනෝමතිකව වාරික දෙගුණයකින් ඉහළ දමා ඇති අතර එවන් පසුබිමක් තුළ ලීසිං සමාගම් නිසි ලෙස බදු මුදල් ගෙවා ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසින් මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
231 Views
Comments