ළමුන්ගේ මන්දපෝෂණ තත්වයේ ඉහළ යාමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

ළමුන්ගේ මන්දපෝෂණ තත්වයේ ඉහළ යාමක්

ළමුන්ගේ මන්දපෝෂණ තත්වයේ  ඉහළ යාමක්

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු පහට අඩු ළමයින්ගේ මන්දපෝෂණ තත්වයේ  වැඩිවීමක් තිබෙන බව එම නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසා සිටී.



කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ඔහු මේ බව පවසා තිබේ.



2020 වසරට වඩා මේ වසරේ දී වයස අවුරුදු දෙකත් පහත් අතර බර අඩු දරුවන්ගේ ප්‍රතිශතය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ඔහු පවසා සිටී. එය ප්‍රතිශතයක් ලෙස සියයට 1.7 ක් බව ප්‍රධාන වෛද්‍යවරයා පවසා තිබේ.



යුනිසෙෆ් සංවිධානයේ සහයෝගය ඇතිව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පෙර පාසල්වල දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව  ප්‍රධාන වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී.

views

227 Views

Comments

arrow-up