බොරු හිතවත්කමක් පෙන්වා ලොරියට නංවාගෙන ගොස් වාද්දුවේ තරුණියකට කළ අපරාධ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

බොරු හිතවත්කමක් පෙන්වා ලොරියට නංවාගෙන ගොස් වාද්දුවේ තරුණියකට කළ අපරාධ

බොරු හිතවත්කමක් පෙන්වා ලොරියට  නංවාගෙන ගොස් වාද්දුවේ තරුණියකට කළ අපරාධ

වාද්දුව ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක් ලොරි රථයක නංවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක්  වාර්තා වේ.



පානදුර ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන තරුණිය සේවය නිමවා රාත්‍රී නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක් ඇය අසල නවතා හැඳුනුම්කමක් පෙන්වා ඉතා සූක්ෂම ලෙස මෙම තරුණිය ලොරියට නංවාගෙන මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 


ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බව තරුණිය පවසා ඇති අතර රථය නොනවත්වා වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු විසින් ඇයව  වරින්වර දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.



අතවරයට පත් තරුණිය කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
 


මෙම තරුණිය මිත්තණිය භාරයේ හැදී වැඩී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා සිටී.

 

මෙම තරුණියගේ  මව බන්ධනාගාරගතව ඇති අතර  මවගේ තෙවන සැමියාද  මත්කුඩු චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාරගතවී සිටින බවත්  හෙළිවී ඇති බව පොලිස් නිලධාරියෙක් පවසා සිටී.

 

ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසා සිටී.

views

238 Views

Comments

arrow-up