එම්. ඩී. එම්. ඒ. මත්ද්‍රව්‍ය ළඟ තබාගත් වේටර්වරයෙක් කොළඹ සමාජශාලාවකදී දැලේ

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව 14 වනදා රාත්‍රියේ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා මෙන්ඩි නැමැති දුර්ලභ වර්ගයේ මත්ද්‍රව්‍යයක් සමඟ වේටර්වරයෙක් කොළඹ ප්‍රසිද්ධ සමාජ ශාලාවකදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ M. D. M. A. නැමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙන්ඩි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සොයා ගනු ලැබූ අතර, රාත්‍රී සමාජ ශාලාවල මෙම ද්‍රව්‍ය සඳහා විශේෂිත ඉල්ලුමක් පවතින බවත්, ඒ හේතුවෙන් ග්‍රෑම් එකක් රුපියල් 2000 කට පමණ මුදලකට අලෙවි වන බවත් පොලිසිය වැඩිදුරටත් පවසා සිටී.
මෙම මෙන්ඩි මත්ද්‍රව්‍යය ඩාන්සින් පෙති නිෂ්පාදනයට යොදා ගන්නා විශේෂ මත්ද්‍රව්‍යයක් වන අතර මේවා දියර වශයෙන් පානය කළ හැකි බවත්, ඊට අමතරව ශරීරයට එන්නත් කර ගැනීමට හැකි බවත් පොලිසිය සඳහන් කර සිටී.
319 Views
Comments