පාසල් සිසුවියක් අපයෝජනය කළ හම්බන්තොට පාසලක ගුරුවරයෙක් දැලේ

හම්බන්තොට, මයුරපුර ප්‍රදේශයේ පාසලක දොළොස් හැවිරිදි සිසුවියක් හෝටලයකට රැගෙන ගොස් අපයෝජනය කළ බව කියන පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සිසුවියගේ පියා කළ පැමිණිල්ලක් අනුව හම්බන්තොට වරාය පොලිසිය මගින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටී.
පසුගිය 28 වැනි දා පාසල් යන බව පවසා නිවසින් පිටව ගිය මෙම සිසුවිය යළි නිවසට නොපැමිණීම හේතුවෙන් පියා ඒ පිළිබඳ සොයා බැලීමේදී, දැරිය නිවසට යාබද බල්ලගස්වැව මංසන්ධියේ දී මෝටර් රථයක නැගී යනු දැක ඇති බව අනාවරණය වී ඇති අතර, දැරිය ආපසු නිවසට පැමිණි පසු සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ සැකකාර ගුරුවරයා ඇය හෝටලයක් වෙත රැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බවයි.
228 Views
Comments