2023 මාර්තු 31 - අද දවසේ කාලගුණ වාර්තාව

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් අනුරාධපුරය, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සුළං ගිණිකොන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළඟේ වේගය පැ. කි. මී. 20-30 පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | |||||
නගරය | උෂ්ණත්වය (සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 34 | 25 | 95 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 31 | 25 | 95 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ | 32 | 26 | 90 | 70 | සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ගාල්ල | 30 | 25 | 90 | 75 | සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
යාපනය | 33 | 24 | 85 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 32 | 21 | 95 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
නුවරඑළිය | 23 | 9 | 90 | 55 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
රත්නපුරය | 34 | 24 | 95 | 65 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ත්‍රිකුණාමලය | 33 | 25 | 90 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 33 | 26 | 90 | 65 | සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
234 Views
Comments