ජාත්‍යන්තර ක්ෂය රෝග දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

ජාත්‍යන්තර ක්ෂය රෝග දිනය අදයි

ජාත්‍යන්තර ක්ෂය රෝග දිනය අදයි

ක්‍රි.ව.1882 මාර්තු 24 දී ක්ෂය රෝගය (TB) ඇති කරන බැක්ටීරියාවක් වන Mycobacterium tuberculosis මයික්‍රොබැක්ටීරියම් ටියුබකියුලෝසිස් සොයා ගන්නා ලද අතර එය සිහි ගන්වමින් ලෝක ක්ෂය රෝග දිනය ලෙස සෑම වසරකම මාර්තු 24 නම් කරන ලදී.

 

ක්ෂය රෝගය ලෝකයේ මාරාන්තික බෝවන රෝගයන්ගෙන් එකකි. සෑම දිනකම ලොව පුරා 4100 කට වැඩි පිරිසකට ක්ෂය රෝගයෙන් ජීවිත අහිමි වන අතර 28,000 කට ආසන්න පිරිසක් රෝගාතුර වේ. පපුවේ වේදනාව සහ රාත්‍රි කාලයේ දහඩිය දැමීම ක්‍ෂය රෝග ලක්‍ෂණ වෙයි. අඛණ්ඩව මාස 6 ක් ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවට සුව කළ හැකි වන අතර ලෝකයේ වාර්ෂිකව වාර්තාවන ක්‍ෂය රොගීන් සංඛ්‍යාව ලක්‍ෂ 90 ක් පමණ වේ.

 

ක්ෂය රෝගයට එරෙහිව සටන් කිරීමට ගෝලීය ප්‍රයත්නයන් 2000 වසරේ සිට අනුගමනය කරන ලදී. කෙසේ වෙතත්, COVID-19 වසංගතය ක්ෂය රෝගය තුරන් කිරීමේ සටනේ වසර ගණනාවක ප්‍රගතිය ආපසු හරවමින් 2019 වසරේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වු ක්‍ෂය රෝගීන් සංඛ්‍යාව 8434 ක් වන අතර ක්ෂය රෝග මරණ 2020 දී වැඩි වී ඇත.

 

ලෝක ක්ෂය රෝග දිනය යනු ලොව පුරා ක්ෂය රෝගයේ බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දිනයකි. 2022 ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව වනුයේ ක්ෂය රෝගය අවසන් කිරීමට ආයෝජනය කරන්න. ජීවිත සුරකින්න. යන්න යි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මෙරට තුළ හඳුනා නොගත් ක්‍ෂය රෝගීන් 4,000 ත් 5,000 ත් අතර ප්‍රමාණයක් සමාජයේ සිටින බවත් සෞඛ්‍ය වාර්තාවලට අනුව දරුවන් ක්‍ෂය රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.

views

281 Views

Comments

arrow-up