දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත හදන්න ජනපති සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත හදන්න ජනපති සැරසේ

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත හදන්න ජනපති සැරසේ

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පවසා සිටියේය. 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ දින පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කියා සිටියේය.

 

“අද මෙම අවස්ථාවට සහභාගීවීම පිළිබඳ සියලු මාධ්‍ය හිතවතුන්ට මම ස්තූතිවන්ත වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම පිළිබඳ ඔබව දැනුවත් කිරීමට මෙම අවස්ථාවට එක්වන ලෙස මම ඔබගෙන් ඉලීමක් කළා.

 

අපි මීට වසරකට පෙර බංකොලොත් රටක් බවට පත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අපේ ණය හිමියන්ගේ සහයෝගය ඇතිව අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට සිදු වූ පළමු අවස්ථාව මෙයයි. මෙය ආරම්භය පමණයි. IMF සහයෝගය පිළිබඳ මූල්‍ය සහතිකය ලැබීමෙන් පසු අපේ රට තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස සලකන්නේ නැහැ. දැන් අපි මීළඟ අදියරට යා යුතුයි” යනුවෙනි.

 

views

239 Views

Comments

arrow-up