“නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි” තවත් සාර්ථක දේශනයක් අද මෙල්බර්න් නුවරදී

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි විදෙස් දේශන මාලාව මේ වන විට අති සාර්ථකව ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන අතර එහි තවත් දේශනයක් අද පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙල්බර්න්හිදියී. එහි සියලු ප්‍රවේශපත්‍ර දින දෙකකට පෙර අවසන්වීම විශේෂත්වයක් බව මෙම වැඩසටහන සංවිධාන කළ “ද ගැප්” සංවිධානයේ සාමාජික චමත් දි සොයිසා සඳහන් කරයි.
නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි විදෙස් දේශන මාලාවේ පළමු වැන්න ඉකුත්දා බ්‍රිස්බේන්හිදී පැවැත්වුණ අතර එයද අති සාර්ථකව පවත්වා ඇති බව එහි සංවිධායකයින් සඳහන් කරයි. දේශන මාලාව මෙහෙයවන පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතාට ඕස්ට්‍රේලියාවෙන් ඉහළ පිළිගැනීමක් ලැබී ඇත.
මෙම දේශන මාලාව යටතේ ශ්‍රී ලාංකිකයින් සහ ඕස්ට්‍රේලියානු සරසවි සිසුන් ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල කිහිපයකම රාජ් සෝමදේව මහතා විසින් පුරාවිද්‍යාව පිළිබඳ දේශන කිහිපයක් ද පවත්වා තිබෙන අතර එහිදී එම විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධවී අඛණ්ඩව කටයුතු කරන ලෙසට මහාචාර්ය රාජ් සෝමදේවට ඉල්ලීම් පවා ලැබෙමින් තිබීම විශේෂත්වයක්.
279 Views
Comments