ඖෂධ ගෙන්වීමේ අක්‍රමිකතාවකට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් තැබූ පළමු පියවර සාර්ථකයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

ඖෂධ ගෙන්වීමේ අක්‍රමිකතාවකට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් තැබූ පළමු පියවර සාර්ථකයි

ඖෂධ ගෙන්වීමේ අක්‍රමිකතාවකට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් තැබූ පළමු පියවර සාර්ථකයි

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (06) අවසර ලබා දී තිබේ.

 

මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කොට ඇති අතර, එම සමාගම් වලින් දැනට ආනයනය කර තිබෙන ඖෂධ පිළිබඳව සියළු තොරතුරු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ඉදිරිපත් කොට, ඒවා නිසි ප්‍රමිතියක් යුතු බවට තහවුරු වුවහොත් පමණක් මුදාහැරීමට හැකියාව තිබෙන බවටද තීන්දු කර තිබෙන බව වාර්තා වේ.

 

එසේම, ආනයනය කිරීමට නියමිත ඖෂධ වල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි තහවුරු කරගැනීමක් සිදුකරගන්නා තුරු ඒවා තවදුරටත් ආනයනය කිරීම වළක්වාලමින් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කොට තිබේ.

 

මෙම නියෝග ලබා දෙමින් අධිකරණය නියෝග කොට ඇත්තේ පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 18 වනදා පැවැත්විය යුතු බවයි.
 

views

360 Views

Comments

arrow-up