යාල වනෝද්‍යානයේ කළු කොටියාට විශේෂ ආරක්ෂාවක්

යාල වනෝද්‍යානයේ කළු කොටියා සැරිසරන ජබුරාගල ප්‍රදේශය මෙම සත්වයාගේ ආරක්ෂාව ගැන සලකා සංචාරකයන් සඳහා වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමග, එම සත්ත්වයාගේ ජීවිතය අවදානම් තත්වයකට පත්ව ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි.
මාස හතක් පමණ වයසැති කළු කොටියෙකු යාල වනෝද්‍යානයේ සැරිසරන බවට මීට පෙර තොරතුරු වාර්තා වී තිබුන අතර, පෙරේදා (28) දිනයේ දී ඡායාරූප ශිල්පියෙකු මෙම සත්වයා ඡායාරූපයට නගා එය සමාජ මාධ්‍යට මුදා හැරීමත් සමග එය නිශ්චිතවම තහවුරු වී තිබේ.
මෑත කාලයේ යාල වනෝද්‍යායානයෙන් කළු කොටියෙකු වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන අතර, මේ හේතුවෙන් සංචාරකයින් මෙන්ම ඡායාරූප ශිල්පීන් ද වැඩි වශයෙන් යාල වනෝද්‍යානයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
මෙම සත්ත්වයා මව සමග සැරිසරන අතර සත්ත්වයාගේ සංචාරයට බාධා වන අයුරින් ඇතැම් සෆාරි ජිප් රථ රියදුරන් මාර්ගය දෙපස ජීප් රථ නවතා තිබූ බවද වාර්තා විය.
එබැවින් මෙම සත්වයා සැරිසරන ප්‍රදේශය සංචාරකයන්ට වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.
කෙසේ වෙතත් ජබුරාගල කොටස දඩයම්කරුවන් ගේ තිප්පොළක් වන බැවින් සංචාරකයන්ට එම ප්‍රදේශය තහනම් කිරීමෙන් මෙම සත්වයා දඩයම්කරුවන් ගේ ගොදුරක් විය හැකි බව පරිසරවේදී නයනක රන්වල මහතා පෙන්වා දෙයි.
247 Views
Comments